මැදපෙරදිග යුධ තත්ත්වය හේතුවෙන් ගෝලීය ආර්ථිකයේ ඇතිව තිබෙනා අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ රජය විසින් හඳුන්වා දෙන ලද ඉන්ධන බෙදාහැරීම සඳහා වන QR කේතය ක්‍රමය කෙතරම් කල් පවත්වාගෙන යන්නේද දැන්ම පැවසිය නොහැකි බව ඛණිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග පවසයි .
QR කේතය පවත්වාගෙන යාම පවතින ගෝලීය තත්ත්වයන් සමග බැඳී පවතින බවත්, අනාගතයේදී එය ඩිජිටල් ගෙවීම් ක්‍රමයකට සම්බන්ධ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් වාර්තා වෙයි .
යුධ තත්ත්වය හේතුවෙන් ඉන්ධන ප්රවාහයට මතුව අති බාධා සැලකිල්ලට ගෙන , මෙම ක්‍රමය යටතේ පවතින ඉන්ධන තොග නිසි ක්‍රමයකට බෙදාහැරීම මෙම ක්රමයේ අරමුණ වෙයි . 2022 අරගල සමයේ ඉන්ධන අර්බුදය ජය ගැනීමට එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් ජාතික ඉන්ධන ලබාගැනීමේ බලපත්‍රය නොහොත් QR කේතය කඳුන්වාදෙන ලදි . ඒ සඳහා එවකට විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා වූ කන්චන විජේසේකර මුල්විය .