පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පැතුම්ට ඉහළ ම තැනක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මුල් 10 දෙනා අතරට පැමිණීමට සමත්ව තිබෙනවා.

මීට පෙර එම ලැයිස්තුවේ 11 වැනි ස්ථානයේ පසු වූ පැතුම්, නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ස්ථාන තුනක් පෙරට පැමිණ එහි 8 වැනි ස්ථානයට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහි තරඟාවලියේ දී පැතුම් ලකුණු 151ක් රැස් කිරීමට සමත් වුණා.

මේ අතර නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු චරිත් අසලංක ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ 14 වැනි ස්ථානයට පත්ව සිටිනවා.

අසලංක බංග්ලාදේශයට එරෙහි තරඟාවලියේ දී ඉනිම තුනක දී ලකුණු 146ක් රැස් කිරීමට සමත් වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ පළමු පස් දෙනා අතරට පැමිණ සිටින අතර, තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ වනිඳු හසරංග දෙවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 687ක් ලබා ගනිමින්.

එම ලැයිස්තුවේ පස්වැනි තැන, ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ රැඳීසිටින්නේ ලකුණු 659ක් ලබා ගනිමින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!