පරාටේ නීතිය අවලංගුයි – ගැසට්ටුව එළියට

ණය ලබාගෙන පැහැර හැරි පුද්ගලයන්ගෙන් දේපොළ අත්පත් කර කරගෙන වෙන්දේසි කිරීමට මූල්‍ය ආයතනවලට බලය හිමි වූ පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය මතයි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.

මෙම පනත් කෙටුම්පත හරහා උක්ත ආකාරයෙන් දේපළ අත්පත් කර ගැනීමේ නීතිය එළඹෙන දෙසැම්බර් මස 15 වැනි දා දක්වා අත්හිටුවා තිබෙනවා.

මේ සඳහා වූ කැබිනට් අනුමැතිය ඉකුත් දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී හිමිව තිබුණා.