ඔස්කාර් සම්මාන උළෙලේ ඕපන්හයිමර් පිනුම් ගහයි

96 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳ ම සිනමා පටය ලෙස, Oppenheimer චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා.

තව ද ඊට රංගනයෙන් දායකත්වය දැක් වූ Cllian murphy හොදම නලුවාට හිමි සම්මානය දිනගත් අතර එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ක්‍රිස්ටෝපර් නොලාන් හොඳ ම අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානය ද දිනා ගත්තා.

එම සම්මාන උළෙලේ, හොඳ ම සහාය නලුවා, හොඳ ම සිනෙමා කැමරාකරණය, හොඳ ම ශබ්ද පරිපාලනය, හොඳ ම සංස්කරණය ඇතුලු ඇකඩමි සම්මාන 07ක් Oppenheimer චිත්‍රපටයට විසින් දිනාගනු ලැබුවා.

මේ අතර එම සම්මාන උළෙලේ හොඳ ම නිලිය ලෙස Poor Thing චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය දැක්වූ
එමා ස්ටෝන් දිනා ගත් අතර, හොඳ ම සහාය නිලිය ලෙස ඩෙවින් ජෝයි රැන්ඩොල්ෆ් (Devine Joy Randolph) සම්මානයට පාත්‍ර වුණා.

Barbie චිත්‍රපටයේ පසුබිම් ගීතය වූ “what was I made for” ගීතය හොඳ ම චිත්‍රපට ගීතය ලෙස ද සම්මානයට ලක්ව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!