O/L සිසුන්ට අසාධාරණයක් නොකර ලකුණු දෙන හැටි මෙන්න

මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ විෂය නිර්දේශයෙන් බාහිර ප්‍රශ්න තිබූ බවට එල්ලවන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ එවැනි ගැටලුවක් හෙළි වුණහොත් විභාග අපේක්ෂකයන්ට කිසිදු අසාධාරණයක් නොකරන බවයි.

සාමන්‍ය පෙළ විභාගය ඇතුළුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව මගින් පවත්වනු ලබන ඕනෑම විභාගයක ළකුණු දීමේ පටිපාටිය සකස් කිරීමේ දී ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය මෙන්ම අපේක්ෂකයන් එම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දුන් ස්වභාවය පිළිබඳව ද දැඩි අවධානය යොමු කරන බව ඔහු පවසනවා. ඒ සඳහා දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය කරමින් විවිධ මාධ්‍ය ඔස්සේ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගේ සාම්පල පිළිතුරුපත් පරීක්ෂා කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදුන්නා.

ඒ අනුව පිළිතුරු පත්‍ර ඇගයීමේ දී ලකුණු දීමේ පටිපාටියක් දිවයිමේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන ඇගයීම් කාර්යයේ දී ප්‍රධාන පරීක්ෂක වශයෙන් කටයුතු කරන එම විෂය උගන්වනු ලබන ප්‍රවීණ ගුරුවරුන් වෙත යොමු කර ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරනව බවත්, මෙම සියලු පියවර මගින් අපේක්ෂකයන්ට ගැටලු සහගත අවස්ථා ඇති වී ඇති බවට අනාවරණය වුවහොත් ඒ සඳහා වහාම මැදිහත් වන බවත් ඔහු අවධාරණය කළා.

ඒ අනුව අපේක්ෂකයන්ට අසාධාරණයක් නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!