ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ ලබාදීම සදහා ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
මේ වන විට පාර්ලිමේන්තුවට පත්වී සිටින මන්ත්‍රීවරුන් සියයකට පමණ වාහන පහසුකම් ලබාදීමට ආණ්ඩුවට නොහැකිවී තිබේ. ඒ නිසා මන්ත්‍රීවරුන්ට ඩබල් කැබ් රථ ලබාදීම සදහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.
කෙසේ වෙතත් මන්ත්‍රීවරුන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. ප්‍රමාණවත් තරම් සුඛෝපභෝගී වාහන පවතින නමුත් ඒවා රජයේ ප්‍රතිපත්තිය අනුව මන්ත්‍රීවරුන්ට ලබාදිය නොහැකිබ බවද ඔහු සදහන් කර සිටී. මෙම වාහන වෙන්දේසියේ විකිණීම සදහා මේ වන විට තක්සේරු ලබාගනිමින් සිටින බවද, එම තක්සේරු කටයුතු අවසන්වූ පසුව රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීමට නියමිත බවද ඔහු සදහන් කළේය.
මේ වන විට මන්ත්‍රීවරුන්ට ලබාදීම සදහා ඩබල්කැබ් රථ ප්‍රමාණවත්ව නොතිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි. ඒ නිසා දැනට රජයේ පවතින වාහන වෙන්දේසි කිරීමෙන් පසුව මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම පිළිබද අවසන් තීරණයක් ගන්නා බවද ඔහු සදහන් කළේය.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් තමන්ගේ වාහනවලින් පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වෙමින් තිබෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි. ඇතැම් දුෂ්කර ප්‍රදේශවල සිට පැමිණෙන මන්ත්‍රීවරුන් දෙතුන් දෙනා එක වාහනයක පැමිණෙන බවද ඔහු කීවේය. මෙය මන්ත්‍රීවරුන්ට අමතර බරක් වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.
මීට පෙර ජනතා විමුක්ති පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සදහා, රජයෙන් ලබාදෙන තීරු තීරු බදු රහිත වාහන පහසුකම යටතේ ඩබල්කැබ් රථ ලබාගෙන තිබ්නි.