හර්ෂ ද සිල්වාට CIDයෙන් දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට එල්ල වූ බව කියන තර්ජන සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී තිබෙනවා.

ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට විරුද්ධව තර්ජන ඇති බැවින් ඒ ගැන වහාම සොයා බලා තම ආරක්ෂාව වැඩි කරන ලෙසයි.

ඒ අනුව හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී කළ එම ප්‍රකාශය මූලික කරගමිනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කරන ලෙසටයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!