බංග්ලාදේශ කණ්ඩායමට අසීරු නොවන ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 124 ක් ලබාගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට ලකුණු 125ක ඉලක්කයක් හිමිවුණා.

T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට අමෙරිකාවේ ඩලස්හීදි පැවැත්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!