නොර්වේ තානාපතිනිය අනුර කුමාර හමුවෙයි

නවදිල්ලියේ නොර්වේ තානාපතිනිය වන May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වුණා.

මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් එක්ව සිටියා.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ මේ වනවිට රට තුළ පවතින දේශපාලන තත්ත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශවය අතර සාකච්ඡාවට බඳුන් වුණා.

එමෙන්ම ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳව සහ මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවත් එහිදී අවධානය යොමු වුණා.

තානාපතිවරිය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ නොර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳව හා දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!