ආණ්ඩුව ආනයනය කරනු ලබන සහල් තොග නත්තලට පෙර රට තුළට ගෙන ඒමට නොහැකිවනු ඇති බවත්, තමන්ට සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන්නේ නම් සති දෙකක් ඇතුළත එම සහල් තොග රට තුළට ගෙන ඒමට කටයුතු කරන බවත් සහල් ආනයනකරුවෝ පවසති.
සහල් ආනයනය කිරීම සදහා ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ට අවස්ථාව ලබාදෙන ලෙසට ඉල්ලීම් කර තිබුණත්, මේ වන තෙක් ඒ සදහා රජයෙන් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් ආනයනකරුවෝ සදහන් කරති.
සහල් හිගය හමුවේ සතොස සහ රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව හරහා සහල් ආනයනය කිරීමට රජය තීරණය කළේය. එම සහල් තොගවල සාම්පල රට තුළට පැමිණීමට සති දෙකකට ආසන්න කාලයක් ගතවනු ඇති බවද අනාවරණය වේ. ඒ අනුව රජය විසින් ආනයනය කරනු ලබන සහල් තොග රට තුළට පැමිණීමට දෙසැම්බර් මාසය අවසන් වනු ඇති බවද වාර්තා වේ. මේ නිසා උත්සව සමයේදී සහල් හිගයක් ඇතිවනු ඇතැයි ද අනාවරණය වේ.
මේ අතර මහ කන්නයේ අස්වැන්න ජනවාරි මැදදී නෙලීම ආරම්භ වන අතර සහල් මෙට්‍රික් ටොන් හැත්තෑදහස ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ මේ ආසනන් කාලයේදීය. මේ නිසා දේශීය වී ගොවියාට ලැබෙන ආදායමද සැලකිය යුතු ලෙස පහළ යාමේ අවදානමක් පවතී.