තෙල් වැඩ කරන්නේ නැති වාහන අපිට එපා – මන්ත්‍රීවරු වාහන එපා කියලා

ඉන්ධන කාර්යක්ෂමතාවයකින් තොර වාහන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමැතිවරු ප්‍රතික්ෂේප කර ඇතැයි කතානායක අශෝක රන්වල පවසයි.

මේ නිසා රජයේ වාහන විශාල ප්‍රමාණයක් රථ ගාල්වල ගාල් කර තිඩිබන බවද ඔහු සදහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලටද එවැනි වාහන අනුයුක්ත කර ඇති නමුත් එම වාහන භාවිතා නොකරන බවද ඔහු සදහන් කළේය.

මෙසේ භාවිතාවට නොගන්නා ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු රජයේ වාහන වෙන්දේසියේ අලෙවි කරන්නේද යන්න පිළිබද රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවද කතානායකවරයා වැඩිදුරටත් සදහන් කළේය.