කතානයකට එරෙහි විශ්වාසභංගයට දින ලැබෙයි

විපක්ෂය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට බාර දුන්, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ නායකයින් විසින් තීරණයක් ගෙන තිබෙනවා.

ඒ අදාළ යෝජනාව මාර්තු 19 සහ 20 යන දෙදින තුළ විවාදයට ගැනීමට යි.

අනතුරුව ඊට අදාළ ඡන්ද විමසීම 20 වැනි දා සවස පැවැත්වීමට ද අද (14) රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළ බවයි වාර්තා වන්නේ.