මළවුන්ටත් විශ්‍රාම වැටුප් ගෙවලා – කෝපා කමිටුවේ දී හෙළිවෙයි

මිය ගිය විශ්‍රාමිකයන් 6000කට අධික සංඛ්‍යාවකට නීති විරෝධී ලෙස විශ්‍රාම වැටුප් ලබා දී ඇතැයි කෝපා කමිටුවේ දී හෙළි වී තිබෙනවා.

වසර තුනක දී එක් පුද්ගලයකුට විසිහය ලක්ෂ අනූහය දහස් තුන්සිය හතරක මුදලක් එසේ ලබාගෙන ඇති බවත් ද එවැනි සිද්ධි ගණනාවක් පිළිබද කෝපා කමිටුවට වාර්තා වී ඇති බවත් එහි දී පැහැදිලි වී තිබෙනවා.

කෝපා කමිටුවේ දී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ මෙලෙස විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් බොහෝ සිදුව ඇත්තේ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ බවයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැරැදි සහගත ක්‍රියා හේතුවෙන් මෙම අක්‍රමිකතා සිදුව ඇති බවයි පැවසෙන්නේ.

මියගිය අය සහ දුබලතාවට පත්වී ඇති පුද්ගලයන්ගේ ජීවන වියදම් ද වැඩිපුර ගෙවා ඇති බව ද මෙම කමිටුවේ දී කරුණු ඉදිරිපත් වී තිබෙනවා.