ග්‍රාම නිලධාරීන් අද සහ හෙට සේවයෙන් ඉවතට

ග්‍රාම නිලධාරීන් අද (27) සහ හෙට (28) සියලුම රාජකාරීවලින් ඉවත්වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වී සිටිනවා.

එහි සභාපති නන්දන රණසිංහ මහතා පවසන්නේ සිය ගැටලුවලට විසඳුම් ලැබෙනතුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව දියත් කෙරෙන බවයි.

තම සේවා ව්‍යවස්ථාව සම්පාදනය කරදෙන ලෙසත් 2016 වර්ෂයෙන් පසු වැඩි නොකළ ගමන් වියදම් දීමනාව හෝ ඉන්ධන දීමනාව හෝ කුමක් හෝ දීමනාවක් වැඩි කර දෙන ලෙස රජයට බල කරමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී සිටිනවා.

අයවැය වෙනතුරු එම දීමනා කිසිවක් ලබාදීමට නොහැකිනම් යම් දීමනාවක් ලබා දීමට කටයුතු කරන ලෙස ද ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!