වෘෂණ කෝෂයක් ඉවත් කිරීමේ සිද්ධිය පොලිස්පති දකින හැටි

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හොරණ, ඔළබොඩුව රජ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මෙලෙස අදහස් පළ කළා.

“අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. පොලිස් නිලධාරීන් රාජකාරී කිරීමේදී වුණත් සීමාව ඉක්මවා බලය පාවිච්චි කළොත් ඒ අයට පුද්ගලිකව ඒ සම්බන්ධයෙන් වගඋත්තර බඳින්න වෙනවා.”

“ඒ චෝදනාව එල්ල කරන අයත් නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳවත්, වෙනත් නීතිවිරෝධී කටයුතු සම්බන්ධවත් පෙර වැරදි ගණනාවක් තියෙන පවුලක අය.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!