ඊයේ (11) රාත්රී කාලයේදී වඩුක්කෝට්ටේ ප්රදේශයේදී අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.
ඔවුන් යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී අමනාපයෙන් සිටි පිරිසක් දැක යතුරුපැදිය හරවා පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසලට ධාවනය කරද්දී ඔවුන්ව පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පිරිමි පුද්ගලයාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
ඊට පෙර කාන්තාව සිත්තන්කේනි හන්දියේ අතහැර දමා ගොස් ඇති අතර මරණකරුට බරපතළ තුවාල සිදුකර කොට්ටකාඩු රෝහල අසලට ගෙනවිත් දමා තිබෙනවා.
ඔහු වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.