සජබ භික්ෂු උපදේශක සභාව පිහිටුවන්න ‘ජනතාවට’ ආධාර පත්‍රයක් දීලා

සමගි ජන බලවේගයේ හොරණ භික්ෂු උපදේශක සභාව පිහිටුවීම සඳහා වැඩම කරන භික්ෂුන් වහන්සේලාට දහවල් දනය සහ පිරිකර පිරිනැමීමට ජනතාවගෙන් ආධාර එකතු කරන බවට ඇතැම් පිරිස් චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම කටයුත්ත සඳහා ආධාර එකතු කිරීම සම්බන්ධයෙන් හොරණ , සමගි ජන බලවේගයේ සංවිධායක ඉන්දික ගාල්ලගේ මහතාගේ නිල මුද්‍රාව යටතේ බොදු කටයුතු පිලිබඳ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ ලිපියක් ද නිකුත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් srilankanews.lk හොරණ , සමගි ජන බලවේගයේ සංවිධායක ඉන්දික ගාල්ලගේ මහතාගෙන් කරුණු විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ පක්ෂයේ පිරිස්වලින් පමණක් ආධාර ලබා ගැනීම සඳහා මෙම ලිපි 50ක් පමණක් නිකුත් කළ බවයි.

කෙසේ වෙතත් එම නිකුත් කළ ලිපියෙන් පක්ෂ සාමාජිකයන් ආමන්ත්‍රණය කර නොමැති අතර ඉන් ආමන්ත්‍රණය කර ඇත්තේ බොදු ජනතාවයි.