ගීතයක් විකෘත කළ පුද්ගලයා අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘත කළ බවට සැකකෙරෙන සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සුරාබදු නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ,

ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකයේ දී සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!