වාහන ආනයන සීමා ලිහිල් කිරීම ගැන සෙවීමට කමිටුවක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කර ඇති බවත් විදෙස් සංචිත ඉහළ යෑමත් සමග අවශ්‍යතාව පරිදි ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එහිදී සඳහන් කළේ ආනයනයන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයක් නවතා තිබුණ ද දැන් ඒවා අපි ක්‍රමානුකූලව ලිහිල් කර ඇති බවයි.

“මේ ගැන ඉතා ඉහළ සොයාබැලීමක් කමිටුවක් මගින් කරගෙන යනවා. අත්‍යාවශ්‍ය වාහන සහ ඒවාගේ වර්ගයන් මොනවා ද , පාවිච්චි කළ වාහන ගෙන්වනවා නම් ඒවා අවුරුදු කීයකට ද අපි සීමා කරන්නේ, ඒ නිසා කොච්චර ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා ද , අපේ රටේ තියෙන මහාමාර්ග පද්ධතිය ඒවාට ඔරොත්තු දෙනවා ද ? දැනට තියෙන වාහනවලින් අපිට කොතෙක් දුරට ප්‍රයෝජන ගතහැකිද දැනට නිෂ්ක්‍රීයව තියෙන අවස්ථාවන් සක්‍රීය කරන්නේ කොහොමද කියන එක ගැන ඉතා හොඳ සොයාබැලීමක් කරනවා. “