ජාතික සංවර්ධන බැංකුව (NDB) සම්බන්ධ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුවත්, එම බැංකුව අවම නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළින් ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා මට්ටම් සමඟ ක්‍රියාත්මක වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි .
ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කරනුයේ මෑතකදී අභ්‍යන්තර වංචාවක් සිදු වූ NDB බැංකුව පිළිබඳව ඊයේ නිකුත්කළ නිවේදනයකය .
එකී අභ්‍යන්තර වංචාව පාරිභෝගික ගිණුම් හෝ තැන්පතු කෙරෙහි කිසිදු බලපෑමක් ඇති කර නොමැති අතර ඒවා ආරක්ෂිතව පවතින බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි
“ශ්‍රී ලංකා මහබැංකුව සහ අදාළ කොටස්කරුවන් සමඟ සමීප හා අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යයි. බැංකුවේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සහ තැන්පත්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඕනෑම පියවරක් ගැනීමට මහබැංකුව සූදානම්” එම නිවේදනය වැඩි දුරටත් පවසයි .