නරේන්ද්‍ර මෝදිගේ මාධ්‍ය ආවරණ කටයුතුවලදී ‘ඉන්දියාවට කිරි’ ලංකාවට කැකිරි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරයට අදාල මාධ්‍ය ආවරණ කටයුතු සියල්ල ජනාධිපති මාධ්‍ය අංශය සියතට ගෙන සම්පූර්ණ මාධ්‍ය ආවරණය ශ්‍රී ලංකික මාධ්‍යවේදීන්ට ලබා නොදුන් බවට චෝදනා එල්ලවේ

දේශීය මාධ්‍ය ආයතන සදහා මෙම සංචාරයේ මාධ්‍ය ආවරණ කටයුතු සදහා අවස්ථාව නොලැබුණත් ඉන්දීය මාධ්‍යවේදීන්ට එම මාධ්‍ය ආවරණ කටයුතුවල සම්පූර්ණ අවස්ථාවන් හිමිව තිබෙන බවද අනාවරණය වේ. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය මාධ්‍ය නිලධාරීන් තිස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඔවුන්ගේ අගමැතිවරයා සමග ගමන් කර තිබේ.

ලංකාවේ මාධ්‍යවේදීන්ට නිදහස් චතුරශ්‍රයේ පැවති පිළිගැනීමේ උත්සවය පමණක් ආවරණය කිරීමට අවස්ථාව ලබාදී ඇත.

රාජ්‍ය නායකයින් දෙදෙනා සිය ප්‍රකාශ සිදු කළ අවස්ථාවේදීද ශ්‍රී ලංකා මාධ්‍ය අතරින් මාධ්‍ය ආවරණය සදහා අවස්ථාව ලබාදී ඇත්තේ ජාතික රූපවාහිනියට පමණි. නමුත් සමස්ත ඉන්දීය මාධ්‍ය කණ්ඩායමටම එම අවස්ථාව ආවරණය කිරීමට අවස්ථාව ලබාදී තිබේ.