ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ ‘කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ‘ලංකාවේ මාධ්‍යවේදීන්ට කුඩම්මාගේ සැළකිලි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලංකා සංචාරය පිළිබදව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ලංකාවේ මාධ්‍යවේදීන්ට කුඩම්මාගේ සැලකිලි කර ඇති බව අනාවරණය වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වික්‍රම් මිස්ත්‍රි විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවට ආරාධනා කර ඇත්තේ තෝරාගත් ලංකාවේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් පමණි. එයට සහභාගී වු බොහෝ දෙනා ඉන්දීය මාධ්‍යවේදීන්ය.

එම මාධ්‍ය හමුවේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ප්‍රශ්ණ ඇසීමට අවස්ථාව ලබාදී ඇත්තේ ඉන්දීය මාධ්‍යවේදීන්ට පමණි. එම ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධීකරණය කළ ඉන්දීය නිලධාරියෙක් ඉන්දීය මාධ්‍යවේදීන්ගේ නම් පමණක් සදහන් කරමින් ඔවුන්ට ප්‍රශ්ණ ඇසීමේ අවස්ථාව ලබාදී තිබුණි. එම අවස්ථාව කිසිදු ශ්‍රී ලාංකාක මාධ්‍යවේදියෙක්ට ලබාදුන්නේ නැත