රුසියාවේ ත්‍රස්ත ප්‍රහාරය ආරක්ෂක රාජ්‍ය ඇමති හෙළා දකියි

ත්‍රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතුයි – රුසියාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන කණගාටුව පළකරමින් ආරක්ෂක රාජ්‍ය ඇමති කියයි.

ඉකුත් දා රුසියාවේ මොස්කව් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළාදකින බවත් ඉන් ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ සියලු ම දෙනා වෙනුවෙන් ශෝකය සහ කණගාටුව ප්‍රකාශ කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යය ප්‍රමිත බණ්ඩාර තෙන්න⁣කෝන් මහතා පවසනවා.

සිය X ගිණුමේ සහටනක් තබමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, රුසියාවේ මොස්කව් නුවර සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බවත් එවැනි බියගුලු ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සිදු වන්නේ සාමය අස්ථාවර කර භීතිය වැපිරීම පමණක් බවයි.

තව ද විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල් වෙත තම ශෝකය සහ කණගාටුව පළකරන බවත්, ලෝකයේ ත්‍රස්තවාදයට කිසිදු ආකාරයක ඉඩක් නොතැබිය යුතු බවත් ආරක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!