මිනිස්සුන්ට හොඳනැති කිරිපිටි සත්තුන්ට

නුවර එළියේ පිහිටි අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කොට තිබූ රුපියල් මිලියන 475කට අධික වටිනාකමකින් යුත් කිරිපිටි තොගයක් සත්ව ආහාර ලෙස අළෙවි කොට ඇතිබව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කොට තිබූ වාර්තාවක දැක්වෙනවා.

කිරිපිටි කිලෝග්‍රෑම් 720 000 ක ප්‍රමාණයක් මිනිස් පරිභෝජනයට නුසුදුසු බැවින් 2018 වර්ෂයේ සිට 2022 අතර කාලය තුළ මෙලෙස සත්ව පරිභොජනය සඳහා ලබාදී තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු කිරිපිටි නිෂ්පාදනයට වගකිවයුතු නිලධාරීන් කවුද යන්න පිළිබඳව මෙතෙක් සොයා බැලීමක් සිදුකර නොමැති බව්ද එම විගණන වාර්තාවේ සඳහන්.

මේ සඳහා විනය පරීක්ෂණ පවත්වා වගකිවයුතු පාර්ශවයන්ගෙන් අදාළ අයකරගැනීම කළයුතු බවටද විගණන වාර්තාවේ සඳහන් වනව.

සත්ව ආහාර සඳහා අළෙවි කිරීමෙන් පසුව ඉතිරි කිරිපිටි කිලෝග්‍රෑම් 561264ක ප්‍රමණය දෙසැම්බර් මස 31 වනවිට අඹේවෙල ගබඩාවේ ගබඩාකර තිබුණා.