ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගයේ වෙනස්කම් රැසක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමස්ත ලකුණු ප්‍රමාණය මින් ඉදිරියට එම විභාගයේ ප්‍රශ්න පත්‍රවලින් පමණක් ලබාගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ නාත්තණ්ඩිය – ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (16) සහභාගී වෙමින්.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බව කී ඇමැතිවරයා 1-6-10 නියමු ව්‍යාපෘති යටතේ ශිෂ්‍යත්ව විභාගයේ වෙනස්කම් සිදුවන බවත් සඳහන් කළා.

ඒ අනුව සිසුන් 4-5 ශ්‍රේණිවලදී පන්ති කාමරය තුළ ලබන අධ්‍යාපනය මඟින් ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු සියයට තිහක් ලබාදෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!