ලතින් අමරිකාවේ නායයාමකින් 6ක් ජීවිතක්ෂයට – පස් තට්ටු මත යටවූ 30ක් අතුරුදන්

ලතින් අමෙරිකාවේ එක්වදෝරයේ අගුවා සැන්ටා නමැති කඳුකර ප්‍රදේශයේ නායයෑමකින් පුද්ගලයින් 6කු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 කට අධික බවත් වාර්තා වනවා.

නායයෑමට හේතුව නොකඩවා ඇද හැලුණු මහ වර්ෂාව බවයි එරට නිලධාරීන් පවසන්නේ.

මඩ, පස තට්ටු සහ ගල් ඉවත් කරමින්, පස් තට්ටු යට සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් මේ වන විට පැවැත්වෙනවා.

ඒ සඳහා බැකෝ යන්ත්‍ර පවා යොදා ගන්නා බව වැඩිදුරටත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!