හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් නොපැවැත්වෙන බවත් එවැනි විමර්ශනයක් පැවැත්වීමට ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්වී නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග උපුටා දක්වමින් අනිද්දා පුවත්පත අනාවරණය කරයි.
හිටපු අමාත්‍යවරයා අත්ඩංගුවට ගැනීමට සූදානමක් ඇතිදැයි අනිද්දා පුවත්පත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා ඇති අතර එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සදහන් කර ඇත.
හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා වන තිසර නානායක්කාරට විරුද්ධව මුදල් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත්වී තිබෙන අතර ඒ පිළිබද විමර්ශන පැවැත්වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර ඇත.
එම විමර්ශන අතරවාරයේදී කුමන පුද්ගලයින් වරදකරුවන් ලෙස තහවුරු විය හැකිද යන්න සහ අත්අඩංගුවට ගැනීම් සිදුවේද යන්න ඉදිරියේදී දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනිද්දා පුවත්පතට සදහන් කර තිබේ.