දේවගැතිගේ ජලය බිව් කතක් මරුට

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර රෝගී වූ කාන්තාවක් මියගොස් තිබෙනවා.

එම කාන්තාවට කාලයක සිට හෘදරෝගයක් හා සෙම් රෝගයක් තිබී ඇති අතර රෝග සුවවීම සඳහා කාන්තාව විසින් රැගෙන ආ ජලය දේවගැතිවරයා විසින් යාඥා කර නැවත එම කාන්තාවට බීමට ලබාදීමෙන් පසුව ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) සිදුකිරීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!