LPL වෙන්දේසියට නියම වූ දිනය

LPL තරගාවලියේ පස්වනි අදියර ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වෙනවා.

ඒ සදහා ක්‍රීඩකයන් වෙන්දේසියක් මේ මස 21 දා පැවැත්වීමට නියමිතයි. එය කොළඹ ෂැංගිලා හෝටලයේ දී දහවල් 12 සිට පවත්වනු ලබනවා.

මෙවර LPL තරගාවලිය සදහා විදේශීය ක්‍රීඩකයන් 600කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිටිනවා.

නමුත් ඒ අතරින් බොහේ දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපේක්ෂා කරන මට්ටමේ නොමැති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!