ඇප ලබා පෙරහැරෙන් කොළඹ ඇවිත් රට පන්න පොඩි ලැසීට අත්වූ ඉරණම මෙන්න

පසුගියදා අධිකරණයෙන් ඇප මත මුදා හැරීමෙන් පසුව ලංකාවෙන් පලා ගොස් සිටින ප්‍රධාන පෙලේ ජාවාරම් කරුවෙක් බව කියන පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇප ලැබීමෙන් පසුව සුඛෝපභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබුණි. ඉන් පසුව ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය වූයේ නැත.

ඇප මත නිදහස්වීමෙන් පසුව මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගොස් ඇති බව පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

මේ අතර අධිකරණයෙන් ඇප ලැබුණ කුඩු සලිදුද පසුගියදා අධිකරණයෙන් ඇප ලැබුණ අතර ඔහුද මේ ආකාරයට නීති විරෝධි ලෙස රටින් පැන ගොස් ඇති බවට සැක කරයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු දකුණේ මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් පොඩි ලැසීට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.