බදුල්ල දිස්ත්‍රික්කයේ හෝ හල්දුල්මුල්ලේ කිසිම ඉඩමක් නෑ – රජිත් කීර්ති තෙන්නකෝන්

හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් ඉඩම් වංචාවකට සම්බන්ධ බවට එල්ලවන චෝදනා පිළිබඳව පසුගිය දා පිළිතුරු ලබා දුන්නා.

“බදුල්ල දිස්ත්‍රික්කයේ හෝ හල්දුල්මුල්ලේ කිසිම ඉඩමක් නෑ. මට නැති ඉඩමක් ඉල්ලලා අයදුම් කරන්න අවශ්‍යතාවයක් නෑ.

මට රජයෙන් ඉඩමක් ලබාගැනීමට අවශ්‍යනම් ඒ ක්‍රමවේදය මම දන්නවා. ප්‍රාදේශීය ලේකම්ට ලියනවා නම් ඒ ක්‍රමවේදය මම පැහැදිළිවම දන්නවා. ප්‍රාදේශීය ලේකම්ට මගේ සත්‍ය තොරතුරු දෙන්නේ නැතිනම්, හැදුනුම්පත් අංකය වැරදියට ලියලා ඉඩමක් ලබාගැනීමේ කිසිදු හැකියාවක් නෑ.

හල්දුල්මුල්ලේ මේ කියන ආකාරයේ ඉඩමක් මට නෑ. හැබැයි මොනරාගල දිස්ත්‍රික්කයේ මේ තැනට ආසන්නව තියෙන ගම්මානයක අක්කර 18ක වගා කරන ඉඩමක් තියෙනවා. ඒ ඉඩම මම ගත්තේ ඒ ප්‍රදේශයේ පාරම්පරිකව වගා කරන ගොවියෙක්ගෙන්.

ඒ ප්‍රදේශයට මම මුලින්ම ගියේ 2020දී. ඒ වන විට මම ආණ්ඩුකාරවරයෙක් නෙමෙයි. මේ ප්‍රදේශය ඡායාරූපකරණය කිරීමට මම ඒ වෙලාවේ ගියේ. මේ ප්‍රදේශය ඉතාමත් ලස්සන ප්‍රදේශයක්. දුඛ්කිත ජීවිත ගත කරන මිනිසුන් ඉන්න ප්‍රදේශයක්. හැබැයි අළංකාරවත් සමනල්ලු, කුරුල්ලෝ ඉන්න ප්‍රදේශයක්.

වානිජ ගනුදෙනුවක් විදියට මුදල් ගෙවා ඉඩම මිලදී ගත්තා. ඔහු වීඩියෝවක් පෙන්වා සචේතනිකව ද්වේශ සහගත ලෙස ඉඩම බලාගන්න පුද්ගලයා කියලා අර්ථ ගන්වන්න හදනවා. ඒක බොරු. ඔහු මගේ ඉඩමක් බලාගන්න පුද්ගලයෙක් නෙමෙයි. ඒ පුද්ගලයාගෙන් තමයි මේ ඉඩමෙන් කොටසක් මා ලබාගැනීම සිදු කළේ.

2020 – 21 කාලයේදී ජනාධිපති ලේකම්, ආණ්ඩුකාරධූරයේ බලතල පාවිච්චි කරමින් ලබාගත් බව සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරනවා. අධිකරණය හමුවේ මේ කරුණු ඔප්පු කරලා යවන්න පුලුවන් නම් යවන්න කියලා කියනවා.” යනුවෙන් ඔහු සඳහන් කරනවා.