ලංකාවේ ත්‍රීවීලර් එලවමින් ප්‍රීති වෙන ලෝක පූජිතයා(VIDEO)

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ත්‍රීරෝද රථයකින් ලංකාවේ විවිධ ස්ථානවල සංචාරය කර තිබේ.

තමන්ගේ ෆේස් බුක් පිටුවේ ජොන්ටි රෝඩ්ස් ලංකාවේ ත්‍රීරෝද රථ සංචාරය පිළිබද සටහනක් තබා ඇති අතර ඔහුට ත්‍රීරෝද රථය ලබාදී ඇත්තේ ටුක් ටුක් රෙන්ටල් නැමැති ආයතනයක් විසිනි.

කාලයක් තිස්සේ රෝඩ්ට් පවුලේ සංචාරක ගමනාන්තයක් බවට ලංකාව පත්කරගෙන ඇති බව සදහන් කරන ඔහු ලංකාවේ සංචාරක කර්මාන්තය ඉදිරියට පැමිණීම පිළිබද සිය සතුට පළ කර තිබේ.

සර්ෆිං ක්‍රීඩාව සදහා අවශ්‍ය සර්ෆිං බෝඩ්ද රැගෙන ඔහු තමන්ගේ ත්‍රීරෝද රථයෙන් ගොස් ඇති අතර අහංගම ප්‍රදේශයේ සර්ෆිං ක්‍රීඩාවට ගිය බවද ෆේස් බුක් සටහනේ දැක්වේ