වීසා ප්‍රශ්නය ගැන මත පළකරන නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක්

වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ගැටළුවක් ඇතිවීම හේතුවෙන් ඒ පිළිබඳව සොයාබැලීමට රජය තීරණය කළ බව හා එම ක්‍රියාවලිය සිදුකිරීමට කැබිනට් අනුමැතියකින් තොරව බාරදුන් බව පවසන කරුණු අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා නිකුත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම විදේශීය සමාගමකට
පවරා ඇතැයි පළවන වාර්තාවල පදනමක් නැති බවත් වීසා නිකුත් කිරීමේ කටයුතු වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු පමණක් එම සමාගමට පවරා ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

මේ පිළිබඳව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ,2024 මැයි මස 1 හෝ 2 වන දිනයන්වලදී තමන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා ලෙස කිසිදු මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකළ බව පවසනවා.

තමා විසින් ප්‍රකාශ කළා යැයි පවසමින් ඇතැම් මාධ්‍ය සත්‍යයෙන් තොර පුවත් වාර්තා කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!