වීසා ගැටලුවට පිළිතුරු සඳුදා – අමාත්‍යංශය මාධ්‍ය හමුවකට සූදානම්

සංචාරකයින්ට වීසා නිකුත් කිරීම සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අදාළව මේ වනවිට රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ ලබන සඳුදා (6) දින පෙරවරුවේයි.

විදෙස්ගතව සිටින විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා දිවයිනට පැමිණීමෙන් අනතුරුව අදාළ රාජ්‍ය නිලධාරීන් සමග මෙම මාධ්‍ය හමුවට එක්වන අතර,එහිදී මතුවී ඇති ඕනෑම ගැටලුවකට පිළිතුරු සැපයීමට සූදානමින් සිටින බවයි අමාත්‍යංශය සඳහන් කළේ .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!