අතුරු තහනම තව දුරටත් දිගුවේ

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අද (08) කොළඹ දිසා අධිකරණය නියම කර තිබෙනවා.

වගඋත්තරකාර පාර්ශ්වය මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව ඊට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනුකරන ලෙස නියෝග කළ අධිකරණය පසුව නඩුව නැවත ලබන 15 වනදා කැඳවන ලෙස නියෝග කළා.

කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා මෙම අමාත්‍යවරු පිරිස කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.