ICC නියෝජිතයන් ජනපති හමුවේ .

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිලධාරීන් කණ්ඩායම අද (17) කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ඇති බව වාර්තාවේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් ක්වාජා සහ දේවාජිත් සකියා ඇතුළු ICC නියෝජිතයන් පිරිසක් මෙම විශේෂ සාකච්ඡාවට එක්ව ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා හමුවීමට පෙර මෙම නියෝජිත පිරිස ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මූලස්ථානයේදී එහි නව පරිපාලන නිලධාරීන් සමග ද සාකච්ඡාව්වකට සහභාගීවූ බව වාර්තා වේ.