විභාගයට ගිය සිසුවියව පැහැරගන්න ගිය 4කට වැඩ වැරදුන හැටි

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී නිවස බලා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගැනීමට උත්සාහ කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින් සිව්දෙනෙකු අලදෙණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා

පැහැරගැනීම සම්බන්ධයෙන් ත්‍රිරෝද රථ රියදුරෙකු ක්ෂණිකව 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දුන් තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ අලදෙණිය පොලීසිය වෑන් රථය සහ එම පිරිස පැයක් තුළ අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ එම සැකකරුවන් සිව්දෙනා අතර සිටින එක් අයෙකු මෙම තරුණිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති බවත් ඔහු විවාහකයෙකු බවයි.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ හිටපු හමුදා සෙබළෙකු වන එම සැකකරු සිය මිතුරන් සමග වෑන් රථයක් කුලියට ගෙන මෙම පාසල් සිසුවිය පැහැරගැනීම සඳහා පැමිණ තිබෙනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළෙකු වන සැකකාර තරුණයා එම පාසල් සිසුවියගේ සොහොයුරෙකුගේ නිවසට අවස්ථා කිහිපයකදී පැමිණීමෙන් අනතුරුව මෙම ප්‍රේම සම්බන්ධතාවය හටගත් බවයි වාර්තා වන්නේ.

සැකකරු විවාහක අයෙකු බවට අනාවරණය වීමත් සමග මෙම සිසුවිය ඔහුව අතහැර ඇති අතර සැකකරුගෙන් එල්ලවන බලපෑම් හේතුවෙන් සිසුවියගේ මව්පියන් ඇයව මෙලෙස කුළුගම්මන ප්‍රදේශයේ නිවසක නතර කිරීමට කටයුතු කර තිබෙනවා.

එම නිවසේ සිට ඇය සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී යළි නිවස බලා යමින් සිටියදී මෙලෙස සිසුවිය පැහැරගෙන ගොස් තිබෙනවා.

අලදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!