විරෝධතා තුනක් ප්‍රතික්ෂේපයි -ජනපති සටනට එන අපේක්ෂක ලැයිස්තුව මෙන්න

ජනාධිපතිවරණය සදහා නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයන්ට එරෙහිව විරෝධතා තුනක් ඉදිපත් වු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

කෙසේවෙතත් එම සියලුම විරෝධතා ප්‍රතිෂේප කළ බවයි මැතිවරණය කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් නිෂ්චිත අපේක්ෂකයෙක් නම් කර නොමැති අතර ජානක ප්‍රියන්ත රත්නායක හට ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් ඕෂල හේරත් සහ නිසංසලා කුමාරි යන අය විරෝධතා ඉදිරිපත් කර තිබෙනවා.

එසේම නාමයෝජනා ඉදිපත් කළ අපේක්ෂකයන් 39 දෙනාම මැතිවරණයට සුදුසුකම් ලබන බවත් ඒ මහතා පැවසුවා.

ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින්,

  1. දිලිත් සුසන්ත ජයවීර
  2. සරත් මනමේන්ද්‍ර
  3. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
  4. ඒ. එස්. පී. ලියනගේ
  5. පානි විජේසිරිවර්ධන
  6. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
  7. අජන්ත ද සොයිසා
  8. බත්තරමුල්ලේ සීරලතන හිමි
  9. සරත් ෆොන්සේකා
  10. නුවන් සංජීව බෝපගේ
  11. හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
  12. ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
  13. කේ.කේ. පියදාස
  14. මයිලවාගනම් තිලකරාජා
  15. සිරිපාල අමරසිංහ
  16. පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
  17. සරත් කීර්තිරත්න
  18. කේ. ආනන්ද කුලරත්න
  19. නාමල් රාජපක්ෂ
  20. අක්මීමන දයාරතන හිමි
  21. කේ.ආර්. කිෂාන්
  22. පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
  23. විජයදාස රාජපක්ෂ
  24. අනුර සිඩ්නි ජයරත්න
  25. සිරිතුංග ජයසූරිය
  26. මහින්ද දේවගේ
  27. මොහොමඩ් ඉල්ලයාස්
  28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
  29. ඇන්ටනි වික්ටර් පෙරේරා
  30. කීර්ති වික්‍රමරත්න
  31. සජිත් ප්‍රේමදාස
  32. රනිල් වික්‍රමසිංහ
  33. මරක්කලමානගේ ප්‍රේමසිරි
  34. ලලිත් ද සිල්වා
  35. පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
  36. ඩී.එම්. බණ්ඩාරනායක
  37. අනුර කුමාර දිසානායක
  38. අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
  39. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්