අමාත්‍යධුර තුනක් ගැන ජනපති ගත් තීරණය

අමාත්‍ය ධුර තුනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා යටතට සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු, කම්කරු හා විදේශ රැකියා යන අමාත්‍ය ධූර ගැනෙනවා.

මෙම අමාත්‍ය ධුරවල මීට පෙර කටයුතු කරන ලද්දේ හිටපු අමාත්‍යවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අය වන අතර ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමත් සමග එම අමාත්‍ය ධුරයන්වල පුරප්පාඩු ඇතිව තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!