හෙට විශේෂ නිවාඩුවක් ලැබෙන පාසල් මෙන්න

රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට (07) නිවිතිගල අධ්‍යාපන කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබෙනවා.

ඒ අනුව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත හා අයගම කොට්ඨාසවලට අයත් සියලුම පාසල් හෙට දිනයේ පැවැත්වෙන්නේ නැහැ.

තවදුරටත් එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

ඉදිරියේදී ඇතිවන කාලගුණ තත්ත්වය මත පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ලබාදීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරන බවත් සඳහන් වනවා.

එසේම සෙසු සියලුම කලාප සහ කොට්ඨාසවල සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බවයි සබරගමුව පළාත් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.