හර්ෂගේ ඉල්ලීමත් සජබ ඉවත දමයි -TNA ජනපතිගේ ආරාධනය පිළිගනී

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව විපක්ෂයේ දේශපාලන පක්ෂවලට IMF නියෝජිතයින් සමග සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සිදුකළ ආරාධනය දෙමළ ජාතික සන්ධානය පිළිගෙන තිබෙනවා.

එහි නායක ආර්. සම්බන්ධන් මහතා ඊට සහභාගී වීමට නියමිතයි.

හෙට දිනයේ දී මෙම සාකච්ඡාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව මෙම අවස්ථාව ලබාදුන්නද මේ වනවිට සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජන බලවේගය ඒ සඳහා සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!