පියාගේ අත්බෝම්බයෙන් දරු දෙදෙනාව බේරා ගත් STF නිලධාරීන්ට තෑගි

සිය පියා විසින් ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි දරුවන් දෙදෙනාව මුදාගැනීම සඳහා දායකවූ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී මුදල් ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීම සිදුකෙරුණා.

අද (9) මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී එම උත්සවය පැවැත්වුණා.

එහිදී පොලිස් නිලධාරීන් 09 දෙනෙකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් 750,000 ක් සහ පොලිස්පති ප්‍රශංසා 02ක් පිරිනමනු ලැබුවා.

පසුගිය (05) වනදා හංවැල්ල ජල්තර නිවාස සංකීර්ණය තුළ නිවසක පවුල් ආරවුලක් මත දරුවන්ගේ පියා විසින් සිය දරුවන් දෙදෙනාව ප්‍රාණ ඇපයට ගෙන අත් බෝම්බයක් පුපුරවා ගන්නා බවට තර්ජනය කර තිබුණා.

පසුව සිද්ධිය පාලනය ට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර සිය ජීවිත අවදානමද නොතකමින් එම දරුවන් දෙදෙනා සමග සැකකරුවාවද ආරක්ෂිතව බේරාගැනීමට එම නිලධාරීන් සමත්වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!