රියදුරු නොමැතිව ‘ලොරියක්’ මන්ත්‍රී නිවසට කඩා වදී

ලොරි රථයක් රියැදුරෙකු නොමැතිව ධාවනය වී පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ නිවසට කඩා වැදී තිබෙනවා.

ඊයේ (11) රාත්‍රි මන්ත්‍රීවරයා නිවසේ නොසිටි අවස්ථාවක මෙම අනතුර සිදුව තිබුණා.

ඊට විනාඩි කිහිපයකට පෙර මන්ත්‍රීවරයා නිවසින් බැහැරව තිබෙනවා.

ලොරි රථය නිවසට ඉහළින් මාර්ගයක නතර කර තිබියදී එක්වරම පහතට ධාවනය වී ඇති අතර ඉන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!