ගෝඨාගේ පොතෙන්, NetFlix චිත්‍රපටයක් හදන්න යයි

පසුගි සතිය තනිකර ම දේශපාලන පොත් සතියක්. සතිය පටං ගත්තෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර්ගෙ ‘මගේ කතාව’ පොතෙන්. සතිය මැද වෙනකොට ඔන්න ආවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙ ‘ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ කියන පොත. ඊට පස්සෙ ආවෙ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2019 අවුරුද්දෙ තනි ආසනයකින් පාර්ලිමේන්තු ආ දා පටං පළ වෙච්චි පුවත්පත් කාටුන් එකතු කරලා වජිර අබේවර්ධන ගහපු ‘Press vs Prez” කියන පොත.

මේ පොත් තුනෙන් වැඩි ම කතාබහට ලක් වුණේ නම් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ලිව්ව ‘ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’.

මේ ගැන දේශපාලන වේදිකාවෙත් විවිධ අදහස් පළ වෙන අතරෙ, සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරලා තියෙනවා, මේ පොත මුල් කරගෙන චිත්‍රපටයක් හදන්න ලෑස්තියි කියලා.

කවුද මේ චිත්‍රපටය හදන්නෙ? ලෝක ප්‍රකට NetFlix සමාගම කියලයි ඒ පුවත් වාර්තාව කියන්නෙ.

සතියේ දේශපාලනයේ තිරයෙන් වැසුණු කතා සහිත ඒ පත්තර පිටුවෙ තිබ්බෙ මෙන්න මේ වගේ කතාවක්, “කෙසේ වෙතත් ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය ග්‍රන්ථය NetFlix සිනමා පටයක් ලෙස නිෂ්පාදනය කිරීමේ සැලසුමක් ද ඇති බව හෙළි වූයේ මේ අතරවාරයේ දී ය. හිටපු ජනාධිපති ගෝඨාභයට රාජපක්ෂගේ උපදේශකයකු ලෙස කටයුතු කළ එරන්ද ගිනිගේ පවසා තිබුණේ එහි තිරපටය පවා ලියා අවසන් බවයි.”

මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයාව ධුරයෙන් එලවීමට ප්‍රධාන වශයෙන් බල කෙරුණු මහජන අරගලය පිළිබඳ විවිධ මතිමතාන්තර තිබුණත්, පොතකින් ඒ බව ලියා දැක්වීමට විමල් වීරවංශ මන්ත්‍රීවරයා කටයුතු කළා.

‘නවය; සැගවුණු කතාව’ ලෙස නම් කරපු ඒ පොතෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, ගෝඨාභය රාජක්ෂව ජනාධිපති ධුරයෙන් පහ කිරීම විදේශ කුමන්ත්‍රණයක් බවයි.

කෙසේ නමුත් එකම කතාවක් ගැන දැන් ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශ පොත් දෙකක් ලියා ඇත. නමුත් ගෝඨාභය රාජපක්ෂ ලියූ පොත ගැන විමල් වීරවංශ නවගමුවේ පැවැති රැස්වීමකින් පස්සෙ කිව්වෙ මෙහෙම කතාවක්.

‘‘ගෝඨාභය ජනාධිපතිතුමා ලියූ බව කියන පොත පිළිබඳ මට තොරතුරු දැන ගන්න ලැබුණා. කියවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එම පොත ලියුවාවට වඩා නොලිව්වානම් හොඳයි’’

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!