කොවිඩ් තොරතුරු වාර්තා කර සිරගත වුණු චීන මාධ්‍යවේදිනියකට නිදහස ?

කොවිඩ් -19 වසංගතය චීනය පුරා ව්‍යාප්ත වීමට ආරම්භ වූ සමය වාර්තා කිරීම සම්බන්ධයෙන් සිරගත කරන ලද චීන පුරවැසි මාධ්‍යවේදිනියක් වසර 4ක සිර දඬුවමකින් පසු සඳුදා නිදහස් කිරීමට නියමිතව සිටි බව NBC ප්‍රවෘත්ති සේවය වර්තා කර තිබෙනවා.

ෂැංහයි හි හිටපු නීතීඥයෙකු වන Zhang Zhan 2020 පෙබරවාරි මාසයේදී මධ්‍යම චීන නගරයක් වන වූහාන් වෙත ගොස් තිබුණේ, වර්ධනය වන කොරෝනා වෛරසය පිළිබදව සහ එය පාලනය කිරීමට රජය දරන උත්සාහය ආවරණය කිරීම සඳහායි.

පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂය විසින් එම තොරතුරු පිටතට ලබාදීම පාලනය කර තිබුණු වාතාවරණයක, ෂැං වැන් මාධ්‍යවේදිනිය විසින් කොරෝනා වෛරසය පිළිබදව වාර්තා කිරීමෙන් පසුව සියළුම දෙනා ඒ දෙස පුළුල් අවධානයක් යොමු කළා.

පසුව 2020 මැයි මාසය වන විට එරට නීතිය යටතේ Zhang Zhan අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් ඇයට වසර 4ක සිර දඬුවමක් නියම කළා.

Zhang Zhan සිරගතව සිටින කාලය තුළ, ඇයට නියෝග කළ දඩුවමට එරෙහිව සහ ප්‍රතිකාරවලට විරෝධය පළ කරමින් ඇය වරින් වර කරන ලද උපවාසවලින් ඇය මිය යා හැකි යැයි ඇගේ පවුලේ පිරිස, මිතුරන් සහ ආධාරකරුවන් බිය වී තිබූ අතර, 2021 දී ඇයගේ බර රාත්තල් 90 ට වඩා අඩු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එක්සත් රාජධානියේ ක්‍රියාකාරිකයෙකු වන ජේන් වැන්ග් පසුගියදා පැවසුවේ, ෂැංගේ නිදහස් කිරීම පිළිබඳ කිසිදු තහවුරු කිරීමක් නොමැති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!