බාල බව හොයා ගන්නකොටත් ඇතැම් ඖෂධ රෝගීන්ට දීලා

හදිසි මිල දී ගැනීම් යටතේ ගෙන් වූ ඇතැම් ඖෂධ භාවිතයට සුදුසු ඒවා නොවන බව සොයා ගන්නා අවස්ථාව වන විටත් ඒවා, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළු රෝහල් ගණනාවකට බෙදා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වූ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සන්ධානය පවසනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (12) මාධ්‍ය හමුවක් කැඳමින් පැවසුවේ, එම ඖෂධවලින් 98%ක් ම රෝගීන්ට ලබා දීඉ ඇති බවත්, ඇතැම් ඖෂධ ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගන්නටත් පෙර ම තාක්ෂණික අනුමැතිය ඒවාට ලැබී ඇති බවට අනාඅවරණය වන බවයි.

මේ අතර ඔහු එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අනාවරණය කළේ, කල් ඉකුත් වීමට ආසන්නව පවතින ඖෂධ තොග තිබේ නම් ඒවා කඩිනමින් භාවිතයට ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!