ඉන්දියාවේ බරපතල විරෝධය නිසා නතර වී තිබූ ‘ඉන්දීය සාගර කලාපයේ පරීක්ෂණ කටයුතු’ යළිත් ආරම්භ කිරීමට චීනය සූදානම්

ශ්‍රී ලංකාවේ පසුගිය රජය පර්යේෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශීය පර්යේෂණ යාත්‍රා සඳහා වසරක තාවකාලික තහනමක් පනවා තිබුණි. චීනයේ පර්යේෂණ යාත්‍රා ලංකාවේ මුහුදු තීරයට පැමිණීම පිළිබද ඉන්දියාව විසින් මතු කරන ලද දැඩි ආරක්‍ෂක ගැටලුවලින් පසුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙම පියවර ගෙන තිබේ.

චීන මහජන දේශපාලන උපදේශක සම්මේලනයේජාතික කමිටුවේ උප සභාපතිනිය ඊයේ දිනයේදී ජනාධිපතිවරයා හමුවූ අතර එහිදී ඉන්දීය සාගර කලාපයේ පරීක්ෂණ කටයුතු යළිත් ආරම්භ කිරීම ගැන අදහස් පළ කර තිබුණි.

ඉන්දියාවේ ආරක්ෂාවට බලපාන කිසිදු කටයුත්තක් සදහා ලංකාවේ භූමිය භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දියාවට සහතියක් ලබාදී දින දෙකක් ගත වන විට චීනය, ඉන්දීය සාගර කලාපය තුළ තමන්ගේ පර්යේෂණ කටයුතු ආරම්භ කරන බවට වන අදහස් ඉදිරිපත් කර තිබේ.