නඩුවක විත්තිකරුවකු ලෙස නම්කර සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (19) අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි ගොනුකර ඇති මෙම නඩුවේ තීන්දුව අද (19) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත වුණා.
තිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනුම් දුන්නා.
නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි මස 09 වනදා තෙක් කල් තැබුණු අතර .ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.