නඩත්තු කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් යළි ක්‍රියාත්මක කර ඇතිබව වාර්තා වේ .
කෙසේවෙතත් එම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය ඉදිරි දින කිහිපයේ දී එය පද්ධතියට එක්කිරීමට නියමිතය .
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් ඔස්සේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවෝට් 900 ක් එක්කරන අතර මේ වන විට එහි තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර එම ජනන යන්ත්‍රය ද යථා තත්ත්වට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවද සඳහන් වනවා.