උෂ්ණය නිසා අඹු සැමි ආරවුල් වැඩි වෙයි

පවුල් ආරවුල් හේතුවෙන්, කොළඹ ජාතික රෝහලට පමණක් දෛනිකව කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් තිහත් පනහත් අතර සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරමින් ජාතික පුවත් පතක් අද වාර්තා කර තිබෙනවා.

එම පුවත් වාර්තාව ජාතික රෝහලේ, රෝහල් පොලිසිය උපුටා දක්වමින් සඳහන් කරන්නේ, මේ දිනවල ක්ෂණික කෝපය හේතුවෙන් ඇතිවන ආරවුල් වැඩි වශයෙන් වාර්තා වන බවයි.

එසේම පවතින අධික උෂ්ණත්වය මිනිසුන්ගේ මානසික සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් සිදුවිය හැකි නිසා ගෘහස්ථ හිංසන වැඩිවිය හැකි බව ද වෛද්‍යවරු පෙන්වා දෙනවා.

තවද පවතින ආර්ථික අර්බුද හේතුවෙන් නිවෙස් තුළ නිරන්තරයෙන් ගැටුම් ඇතිවීමේ තත්ත්වයන් වාර්තා වී පැමිණිලි ලැබෙන බවද පොලිසිය සඳහන් කළ බව එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වා සිටිනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!